මේ සතියේ දී ඇපල් ආයතනය විසින් Malware ලෙස හඳුනාගත් Apps 17ක් පමණ App Store එකෙන් ඉවත් කර තිබෙනවා. මෙම Apps, ජංගම දුරකථන ආරක්ෂාව පිළිබඳ සමාගමක් වන Wandera සමාගම විසින් සොයා ගන්නා ලද අතර ඒවා සංවර්ධනය කර App Store වෙත එකතු කර ඇත්තේ AppAspect Technologies නම් සමාගමක් විසිනි. මෙම Apps මගින් ඒවා විසින් සිදු කරන මූලික කාර්යයන්ට අමතරව පසුබිමින් වෙනත් අනවශ්‍ය කාර්යයන් ද සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.
“මෙම Apps සමූහය තුළ සොයාගත් clicker trojan මොඩියුලය සැලසුම් කර ඇත්තේ වෙබ් පිටු අඛණ්ඩව විවෘත කිරීම හෝ කිසිදු පරිශීලක මැදිහත්වීමකින් තොරව Links ක්ලික් කිරීම වැනි පසුබිම තුළ දැන්වීම් වංචා සම්බන්ධ කාර්යයන් සිදු කිරීම සඳහා ය” යනුවෙන් Wandera සමාගම පැහැදිලි කරයි. බොහෝ clicker trojan වල අරමුණ වෙබ් අඩවි තදබදය වැඩි කිරීමෙන් ප්‍රහාරකයාට Click කිරීමකට ගෙවීමේ පදනම මත(on a pay-per-click basis) ආදායම් උත්පාදනය කරදීමයි.
කෙසේ වුවත්, පරිශීලකයින්ට ඇති එකම බලපෑම වනුයේ මන්දගාමී දුරකථන ක්‍රියාකාරිත්වය සහ අධික වූ දත්ත භාවිතයයි(High Data Usage). අනවශ්‍ය ක්‍රියාකාරකම් සිදුවන්නේ යෙදුමේ කේතය තුළ නොව දුරස්ථ සේවාදායකයෙක් සමඟ සම්බන්ධ වීම නිසාවෙන් මෙම Apps වලට ඇපල් වල අනුමත කිරීමේ ක්‍රියාවලිය(Approval Process) මඟ හැරීමට හැකි විය.
Malware ආසාදනය වූ iPhone Apps වල සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.
- RTO Vehicle Information
- EMI Calculator & Loan Planner
- File Manager – Documents
- Smart GPS Speedometer
- CrickOne – Live Cricket Scores
- Daily Fitness – Yoga Poses
- FM Radio PRO – Internet Radio
- My Train Info – IRCTC & PNR
- Around Me Place Finder
- Easy Contacts Backup Manager
- Ramadan Times 2019 Pro
- Restaurant Finder – Find Food
- BMT Calculator PRO – BMR Calc
- Dual Accounts Pro
- Video Editor – Mute Video
- Islamic World PRO – Qibla
- Smart Video Compressor
ඉහත Apps වලින් එකක් හෝ කිහිපයක් දැන්ටමත් ඔබගේ iPhone ජංගම දුරකථනයේ ස්ථාපනය කර ඇත්නම් ඒවා හැකි ඉක්මනින් ඉවත් කර Malware වලින් ආරක්ෂා වන්න.