ඔයාලා බොහෝ දෙනෙක් මේ වෙනකොටත් දන්නවා ඇති ඔයාලගේ Android phone එකට Sinhala voice typing පහසුකම google ආයතනය විසින් ලබා දීල තියෙනවා කියලා. ඒත් ගොඩදෙනෙක්ට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි තමන්ගේ ලැප්ටොප් එකට එහෙමත් නැත්නම් තමන්ගේ PC එකට කොහොමද මේ Sinhala voice typing පහසුකම ලබා ගන්නේ කියන එක. Android phone පාවිච්චි කරන ගොඩක් අය දන්නවා ඇති භාෂා ලංකා සමාගමේ Helakuru කියන keyboard app එක ගැන. ඉතින් මෙයාලගේ helakuru.lk වෙබ් අඩවිය හරහා මෙම Sinhala voice typing පහසුකම වෙබ් සර්විස් එකක් විදියට ලබා දීලා තියෙනවා. කොටින්ම කිව්වොත් මම මගේ බ්ලොග් එක ලියන්නත් පාවිච්චි කරන්නේ මෙයාලගේ වෙබ් සර්විස් එක.
පහල රූපයේ දැක්වෙන විදිහට මයික් icon එක click කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් voice typing පහසුකම ආරම්භ කරන්න.
ඉතින් මේ වගේ හොඳ දෙයක් කිරීම ගැන පෞද්ගලිකව මම භාෂා ලංකා සමාගමට ස්තුතිවන්ත වෙනවා සහ ඔයාලගේ අනිත් යාළුවන්ටත් දැනගන්න මේ post එක share කරන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා.